මන්ත්‍රී බන්දුලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මන්ත්‍රී බන්දුලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

by Staff writer 27-08-2019 | 6:05 PM
COLOMBO (New 1st) : රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට හා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බවට අර්ථ නිරුපණයක් නිතුක් කරන්නැයි, ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණ. පෙත්සම ගොනු කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සහ නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරුන් ය. අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් අදාළ පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබී ය.