by Staff writer 27-08-2019 | 9:08 AM
COLOMBO (News 1st) - බදුරලිය තරුණ ගොවි ජනපදය ප්‍රදේශයේදී ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, බහින්බස් වීමක් දුර දිග යාමෙන් ඝාතනය සිදු කර ඇති බව ය.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 72 හැවිරිදි පුද්ගලයෙකි.
මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත ය.
ඝාතනය සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.