by Staff writer 27-08-2019 | 2:54 PM
COLOMBO (News 1st) : කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අධිචෝදනා භාර දුන්නේ ය.
ඒ, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරිම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවට අදාළවයි.
අධිචෝදනා භාර දීමෙන් අනතුරුව ඔහු රුපියල් 25, 000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.
නඩුව සැප්තැම්බර් 19 වන දා යළි කැඳවීමට නියමිතයි.