by Staff writer 27-08-2019 | 3:42 PM
COLOMBO (News 1st) : තහනම් සංවිධාන ලෙස නම් කර ඇති ජාතික තවුහිත් ජමාත් හා ජමාතේ මිල්ලතේ ඉබ්‍ර්හීම් සංවිධානවලට සම්බන්ධ ක්‍රියාකාරී සාමාජිකයින් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් මොහොමදු රයිසුද්ධියන් අබ්දුල් රහුමාන් නොහොත් අබුඅනාස් නමැත්තා වත්තේගෙදර පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනෙක් සැකකරු කෝන්දෙණියගොඩ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි සෙයිනූල් ආබ්දීන් හස්ල නොහොත් අබුරාවා ලෙස හඳුනාගෙන ඇතැයි, පොලීසිය ප්‍රකාශ කළේ ය.