by Staff writer 27-08-2019 | 6:01 PM
COLOMBO (News 1st) : කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාගත් රාජගිරියේ ගොඩනැගිල්ල වසරක් පමණ කුලී ගෙවමින්, හිස්ව තබා ගැනීම එහි නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවක් බව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද පසුගිය සිව් වසරක කාලය තුළ රජයේ ආයතනවල සිදුවූ වංචා දූෂණ සෙවීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට ප්‍රකාශයක් ලබා දෙමිනි.
ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම ගොඩනැගිල්ල ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති බවට ඒකනායක මහතා ප්‍රකාශ කළ බවයි.
හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාළ පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බව ඔහු තම ප්‍රකාශයෙන් පෙන්වා දී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින්, කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරය පවරා ගත් බව ද, අග්‍රාමාත්‍ය ලේකම්වරයා පොලිස් ඒකකයට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් ය.
අග්‍රාමාත්‍ය ලේකම්වරයා අද උදෑසන 9 සිට සවස 2 දක්වා පැය 5ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දුන් බව, ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයා සඳහන් කළේ ය.
මේ අතර, අමාත්‍ය මණ්ඩල අනුමැතියකට පරිබාහිරව කටයුතු කරමින්, සෞඛ්‍යය අමාත්‍යාංශ නිලධාරීන් කිහිපදෙනෙකු ශල්‍යාගාර අත්වැසුම් ලබා ගැනීමේදී සිදුව ඇති වංචාවක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අද පැය හතරක ප්‍රකාශයක් ලබා දී තිබේ.
මේ අතර, නෝර්ත් සී. ආයතනයේ සිදු ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරයා කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේ ය.