ආදායම් බදු ගෙවන පුද්ගලයින් සඳහා විශේෂ අවස්ථාවක්

1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී ආදායම් බදු ගෙවන පුද්ගලයින් සඳහා විශේෂ අවස්ථාවක්

by Staff writer 26-08-2019 | 7:52 AM
COLOMBO (News 1st) - ජාතික පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේදී රජයට ආදායම් බදු ගෙවන පුද්ගලයින් සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, එම පුද්ගලයින් දිරි ගැන්වීම පිණිස එලෙස ඔවුන්ට විශේෂ අවස්ථාවක් ලබා දීමට පියවර ගෙන ඇති බව ය. රටේ ජාතික ආදායම වර්ධනය කිරීම සඳහා රජයට නොමසුරුව ආදායම් බදු ගෙවන්නන්ගෙන් ලැබෙන දායකත්වය ඇගයීම හා දිරි ගැන්වීම මෙවැනි අවස්ථාවක් ලබා දීමේ තවත් අරමුණකි. මෙම දරුවන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක සකස් කිරීමේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.