මධ්‍යම කාරක සභා රැස්වීමේ අද කුමක් වෙයි ද?

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද සවස 6.00 රැස්වෙයි

by Staff writer 26-08-2019 | 4:42 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6.00 ට රැස්වීමට නියමිත වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසුවේ, අද පස්වරු 6.00 ට ජනපති නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි. පොදුජන පෙරමුණ සමග හෙට පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එලෙස අද රැස්වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසුවේ, එහිදී එළැඹෙන තීන්දු තීරණ අනුව හෙට පැවැත්වෙන සාකච්ඡාවලට අවතීර්ණ වන බවයි.