by Staff writer 26-08-2019 | 3:46 PM
COLOMBO (News 1st) - වැටුප් විෂමතා ගැටලු මුල් කරගනිමින් ලබන 28 හා 29 දෙදින වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ.
එහි සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා ඒ බව පැවසුවේ අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමිනි.