by Staff writer 26-08-2019 | 8:05 AM
(News 1st) - වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් සුඩානයේ පුද්ගලයින් 62 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට රජයේ මාධ්‍ය ඒජන්සිය සඳහන් කළේ, ඉකුත් ජුලි මස සිට සුඩානයට අධික වර්ෂාපතනයක් ඇදහැළෙමින් පවතින බව ය.
මෙම අයහපත් කාලගුණ තත්ත්වය සුඩානයේ ප්‍රාන්ත 15ක පුද්ගලයින් ලක්ෂ දෙකකට පමණ බලපෑම් එල්ල කර ඇති බව ද සඳහන් ය.
මෙම ගංවතුරෙන් සුඩානයේ නිවාස 37000ක් පමණ විනාශ වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන අතර තවදුරටත් හදිසි ගංවතුර තත්ත්වයන් හට ගැනීමේ අවදානම පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එරට වැසි සමය ලබන ඔක්තෝබර් මස අග වන තෙක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.