පහත්ගම වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

පහත්ගම වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

by Staff writer 26-08-2019 | 7:45 AM
COLOMBO (News 1st) - හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 9.30ත් 10.00ත් අතර මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ය. මුහුණු ආවරණය කර යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු නිවසක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පළා ගොස් ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ 43 හැවිරිදි නිවෙස් හිමියා සහ 32 හැවිරිදි අනෙක් පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව ය.