කළුතර ප්‍රදේශ රැසකට මැදියම් රැය තෙක් වතුර නැහැ

කළුතර ප්‍රදේශ රැසකට අද මධ්‍යම රාත්‍රිය තෙක් ජල කප්පාදුවක්

by Staff writer 26-08-2019 | 4:03 PM

COLOMBO (News 1st) - කළුතර ප්‍රදේශ රැසකට අද මධ්‍යම රාත්‍රිය දක්වා ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ, කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන ට්‍රාන්ස්ෆෝමරයක හදිසි බිඳ වැටීමක් හේතුවෙනි. ඒ අනුව පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට අද මධ්‍යම රාත්‍රීය දක්වා ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.