සරත් විජේසූරියට එරෙහි නඩුව කල් යයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව: සරත් විජේසූරියට එරෙහි නඩුව කල් යයි

by Staff writer 26-08-2019 | 12:30 PM
COLOMBO (News 1st) - අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 25 වන දා දක්වා කල් දැමීමට අභියාචනාධිකරණය අද නියම කළේ ය. නඩුව අද දින කැඳවනු ලැබුවේ, අභියාචනාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා ඉදිරියේ ය. එහිදී වගඋත්තරකාර මහාචාර්ය සරත් විජේසූරිය මහතා වෙනුවෙනු පෙනී සිටි ජනා‍ධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් චෝදනා පත්‍රය සම්බන්ධයෙන් මූලික වි‍රෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේ ය. ඒ අනුව ලබන නොවැම්බර් 21 වන දිනට පෙර මූලික විරෝධතා ගොනු කිරීමට අවසර ලබා දෙමින් නඩුව කල් දැමීමට අධිකරණය නියම කළේ ය. මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් ප්‍රසන්න විතානගේ මහතා නිෂ්පාදනය කරන ලද උසාවිය නිහඬයි චිත්‍රපට‍ය වාරණය කරමින් අධිකරණය ලබා දුන් නියෝගය විවේචනය කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව පෙන්වා දෙමින් නීතිඥවරයෙකු සහ විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.