සේනාගෙන් මෙවර බඩ ඉරිඟු අස්වැන්නට බලපෑමක් නැහැ

සේනාගෙන් මෙවර බඩ ඉරිඟු අස්වැන්නට බලපෑමක් නැහැ - කෘෂිකර්ම අමාත්‍යාංශය

by Staff writer 25-08-2019 | 11:39 AM

COLOMBO (News 1st) - සේනා දළඹුවාගෙන් මෙවර බඩ ඉරිඟු වගාවේ අස්වැන්නට බලපෑමක් නොවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එහි සේනා දළඹු වසන්ගතය වැලැක්වීම සඳහා පත් කළ කමිටුවේ සභාපති අනුර විජේතුංග මහතා සඳහන් කළේ, යළ කන්නයේ හෙක්ටෙයාර් 3000 ක බඩ ඉරිඟු වගා කළ බවයි. විධිමත් අධීක්ෂණයකින් යුතුව වගාව සිදු කිරීම හේතුවෙන් වගාවට සිදුවන සේනා දළඹු හානිය අවම කිරීමට හැකි බව ද ඔහු සඳහන් කළේ ය.