G 7 සමුළුව ප්‍රංශයේදී ඇරඹෙයි

ලෝක බලවතුන්ගේ ප්‍රධානත්වයෙන් G 7 සමුළුව ප්‍රංශයේදී ඇරඹෙයි

by Staff writer 25-08-2019 | 8:03 AM

News 1st - ලෝක බලවතුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රංශයේ බයාරිට්ස් නුවරදී මීට සුළු වේලාවකට පෙර ජී 7 සමුළුව ආරම්භ විය.

දින තුනක් පුරා පැවැත්වෙන සමුළුවේදී ප්‍රධාන කරුණු තුනක් පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කෙරෙනු ඇති. ඒ අනුව ගෝලීය වෙළෙඳ යුද්ධය, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සහ ඇමසන් වැසි වනාන්තරයේ ගින්න සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. සමුළුවේ සාමාජිකයින් වන්නේ ප්‍රංශය, බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ අමෙරිකාව යන රටවල් ය. සමුළුවේ ආරක්ෂාවට සෙබළුන් 13000 ක් පමණ යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. ලෝක බලවතුන් ජී 7 සමුළුවේ සමාරම්භය සනිටුහන් කරද්දී ප්‍රංශයේ නගර කිහිපයක විරෝධතා පැවැත්විය. ඒ, අමෙරිකානු ජනාධිපති ඇතුළු එම රටවල නායකයින්ගේ ඇතැම් ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමිනි. අඛණ්ඩව පැවති විරෝධතා විසුරුවා හැරීමට එරට ආරක්ෂක අංශ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.