පළාත් රැසකට වැසි...

පළාත් රැසකට වැසි... මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට

by Staff writer 25-08-2019 | 6:42 AM

COLOMBO (News 1st) - සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක මෙනවිය සඳහන් කළේ, බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි. හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව ද ඇය සඳහන් කළා ය.