ගංජා කිලෝ 9 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

තලවතුගොඩදී ගංජා කිලෝ 9 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 25-08-2019 | 11:57 AM

COLOMBO (News 1st) - තලවතුගොඩ ප්‍රදේශයේදී ගංජා කිලෝ 9 යි ග්‍රෑම් 45 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදු කර ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවතුගොඩ, උතුවන්කන්ද පදිංචිකරුවෙකි. ඔහු අද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.