ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 25-08-2019 | 6:33 AM

දේශීය පුවත්

1. හදිසි නීතිය දීර්ඝ නොකිරීම විමර්ශනවලට බාධාවක් නොවෙයි: හදිසි නීතිය දීර්ඝ නොකිරීම තුළ පසුගිය දා තහනම් කළ ත්‍රස්ත සංවිධානවල තහනම හෝ අත්අඩංගුවට ගත් ත්‍රස්තයින් නිදහස් වන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. 2. මහජන සාමය පවත්වා ගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීමට ජනපතිගෙන් නියෝග: මහජන ආරක්ෂාව සඳහා සියලු පරිපාලන දිස්ත්‍රික්ක වෙනුවෙන් සන්නද්ධ හමුදාව යෙදවීම සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ. 3. මන්නාරමේදී කොකේන් ග්‍රෑම් 983 ක් නාවික හමුදා භාරයට: මන්නාරම, වංකාලේ ප්‍රදේශයේදී කොකේන් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. 4. රාජ්‍ය ආයතන 4ක් රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට: ඉදිරි සතිය තුළදී තවත් මෙරට රාජ්‍ය ආයතන 4 ක් රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට කැඳවීමට නියමිතයි.

විදෙස් පුවත්

5. ඉන්දීය හිටපු මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි අභාවප්‍රාප්ත වෙයි: ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු සහ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ අරුන් ජෙට්ලි මහතා ඊයේ අභාවප්‍රාප්ත විය.