කැලණියේදී බස් රථ සේවකයෙකු ඝාතනය කෙරේ

කැලණිය බස් නැවතුම්පොළ අසළ පුද්ගල ඝාතනයක්

by Staff writer 25-08-2019 | 10:15 AM

COLOMBO (News 1st) - කැලණිය බස් නැවතුම්පොළ අසළදී මුගුරකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඝාතනයට ලක් වූ පුද්ගලයා බස් රථ සහයකයෙකු ලෙස සේවය කළ අයෙකු බවයි. ඔහු පිලපිටිය, කැලණිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කැලණිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.