උසස් අධ්‍යාපන ආයතන තුනකට නිසි බලධරයින්

උසස් අධ්‍යාපන ආයතන තුනකට නිසි බලධරයින්

by Staff writer 25-08-2019 | 6:40 PM
COLOMBO (News 1st) : යාපනය විශ්වවිද්‍යාලය, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනය සඳහා නිසි බලධරයින් පත්කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කිරීම හේතුවෙන්, එම විශ්වවිද්‍යාලය සඳහා නිසි බලධරයෙකු පත් කළ බවයි. එලෙස පත් කර ඇත්තේ, සම්මානිත මහාචාර්ය කදිර්කොමනාදන් කන්දසාමී මහතායි. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ නිසි බලදරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය බණ්ඩාර හේරත් මහතා පත් කර තිබේ. ඒ එම ආයතනයේ ඇතිවූ ගැටලු සහගත තත්ත්වයක් සමතයකට පත් කිරීමේ අරමුණින් එම පියවර ගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, නවක වධ සිද්ධි සම්බන්ධයෙන් නිසි අයුරින් ක්‍රියා නොකිරිම ඇතුළු කරුණු කිහිපයක් මුල් ගනිමින්, ධුරයෙන් ඉවත් කළ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂවරිය වෙනුවට විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත කුමාර් තිරුණාවුකරසු මහතා නිසි බලධරයා ලෙස පත් කළ බවයි.