පාසල් නොයන ළමුන් ගැන දීපව්‍යාප්ත සමීක්ෂණයක්

අවුරුදු 16 ට අඩු පාසල් නොයන ළමුන් සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක්

by Staff writer 25-08-2019 | 10:03 AM

COLOMBO (News 1st) - අවුරුදු 16 ට අඩු පාසල් නොයන ළමයින් සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා රක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති එච්. එම්. අබේරත්න මහතා පැවසුවේ, මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ එම සමීක්ෂණය අවසන් කර ඇති බවයි. අවුරුදු 16 ට අඩු දැනට පාසල් නොයන දරුවන් ලබන පාසල් වාරයේදී පාසල්වලට යොමු කිරීම එම සමීක්ෂණයෙන් අනතුරුව සිදු කරන බව සභාපතිවරයා පැවසුවේ ය.