කොස්ගම අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් රෝහලේ

කොස්ගම අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් රෝහලේ

by Staff writer 25-08-2019 | 5:27 PM

COLOMBO News 1st - අවිස්සාවේල්ලේ සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයක් කොස්ගමදී මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ, අනතුරින් මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි. අනතුර සිදුකළ ලොරි රථයේ රියැදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර රියැදුරට නින්ද යාම අනතුරට හේතුව බව පොලීසිය පැවසී ය. තුවාල ලැබූවන් දෙදෙනා රෝහල්ගත කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/498245540909736/