අනුරාධපුර යුගයට අයත් දාගැබ් දෙකක නටඹුන් හමුවෙයි

අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් දාගැබ් දෙකක නටඹුන් හමුවෙයි

by Staff writer 25-08-2019 | 7:47 AM

COLOMBO (News 1st)  - රඹුක්කන, මිනියම්පිටිය ප්‍රදේශයේ කළ කැනීමකින් අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් දාගැබ් දෙකක නටඹුන් සොයාගෙන තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරී එච්.එම්. සමන් කුමාර ඇරෑගම මහතා පැවසුවේ, මීටර් 10 ක හා 15 ක වටප්‍රමාණයෙන් යුත් මෙම දාගැබ් ක්‍රි.පු. දෙවන සියවසේදී හා ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී ඉදිකර ඇති බවට අනුමාන කෙරෙන බවයි. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත භූමිභාගයේ මෙම දාගැබ් සොයාගෙන ඇත. ඒ අනුව අදාළ ප්‍රදේශය හරහා අධිවේගී මාර්ගය කණු මතින් හෝ වෙනත් විකල්ප ක්‍රමවේදයකින් අදාළ දාගැබ්වලට හානියක් නොවන ලෙස ඉදිකරන්නැයි උපදෙස් දුන් බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.