දරුණු ඝණයේ අපරාධකරුවන් 25 ක් බූස්ස බන්ධනාගාරයට මාරු කෙරේ

දරුණු ඝණයේ අපරාධකරුවන් 25 ක් බූස්ස බන්ධනාගාරයට මාරු කෙරේ

දරුණු ඝණයේ අපරාධකරුවන් 25 ක් බූස්ස බන්ධනාගාරයට මාරු කෙරේ

කර්තෘ Staff writer

25 Aug, 2019 | 1:08 pm

COLOMBO (News 1st) – බන්ධනාගාරගතව සිටින දරුණු ඝණයේ අපරාධවලට සම්බන්ධ සිරකරුවන් බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අතර හෙරොයින් ජාවාරමට සම්බන්ධව මරණ දඬුවමට ලක්වුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් ද වේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ටී. එම්. ජේ. ඩබ්ලිව් තෙන්නකෝන් මහතා සඳහන් කළේ, මේ වන විටත් වෙලේ සුදා, කංජිපානි ඉම්රාන් ඇතුළු සිරකරුවන් 25 දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති බවයි.

එම පිරිස් බන්ධනාගාරගතව සිට විවිධ ජාවාරම් සිදු කරන බවට අනාවරණයවී ඇත.

තව ත් 100 – 150 ත් අතර සිරකරුවන් පිරිසක් බූස්ස බන්ධනාගාරයට මාරු කළ යුතු බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ ඩබ්ලිව් තෙන්නකෝන් මහතා සඳහන් කළේ ය.

විමර්ශනවලින් අනතුරුව එම පිරිස ද කාණ්ඩ වශයෙන් බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන යෑමට නියමිතයි.

එම පිරිස් බූස්ස බන්ධනාගාරය තුළ වෙනම රැඳවීමට පියවර ගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය හා රජයේ බුද්ධි අංශ ඒකාබද්ධව ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන කරන බව ටී.එම්.ජේ ඩබ්ලිව් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, බූස්ස බන්ධනාගාරයට රැගෙන යන සිරකරුවන් අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී ද විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්ම බවයි.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ලබා ගැනීමට නියමිත වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]