අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් දාගැබ් දෙකක නටඹුන් හමුවෙයි

අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් දාගැබ් දෙකක නටඹුන් හමුවෙයි

අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් දාගැබ් දෙකක නටඹුන් හමුවෙයි

කර්තෘ Staff writer

25 Aug, 2019 | 7:47 am

COLOMBO (News 1st)  – රඹුක්කන, මිනියම්පිටිය ප්‍රදේශයේ කළ කැනීමකින් අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් දාගැබ් දෙකක නටඹුන් සොයාගෙන තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරී එච්.එම්. සමන් කුමාර ඇරෑගම මහතා පැවසුවේ, මීටර් 10 ක හා 15 ක වටප්‍රමාණයෙන් යුත් මෙම දාගැබ් ක්‍රි.පු. දෙවන සියවසේදී හා ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී ඉදිකර ඇති බවට අනුමාන කෙරෙන බවයි.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත භූමිභාගයේ මෙම දාගැබ් සොයාගෙන ඇත.

ඒ අනුව අදාළ ප්‍රදේශය හරහා අධිවේගී මාර්ගය කණු මතින් හෝ වෙනත් විකල්ප ක්‍රමවේදයකින් අදාළ දාගැබ්වලට හානියක් නොවන ලෙස ඉදිකරන්නැයි උපදෙස් දුන් බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]