හදිසි නීතිය දීර්ඝ නොකිරීම විමර්ශනවලට බාධාවක් නොවේ

හදිසි නීතිය දීර්ඝ නොකිරීම විමර්ශනවලට බාධාවක් නොවෙයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by Sagarika Chathumali 24-08-2019 | 2:30 PM
COLOMBO (News 1st) : හදිසි නීතිය දීර්ඝ නොකිරීම තුළ පසුගිය දා තහනම් කළ ත්‍රස්ත සංවිධානවල තහනම හෝ අත්අඩංගුවට ගත් ත්‍රස්තයින් නිදහස් වන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. පොලිස් මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අදාළ සංවිධාන තහනම් සංවිධාන බවට පත් කරනු ලැබුවේ, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ නෛතික ප්‍රතිපාදනවලට අනුව බවයි. ඒ අනුව හදිසි නීතිය දීර්ඝ නොකිරීම අදාළ සංවිධානවල තහනමට හෝ එකී සංවිධානවල ත්‍රස්ත ක්‍රියාකාරීන් සම්බන්ධ විමර්ශනවලට කිසිදු බාධාවක් නොවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ ය. තව ද අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන හා රඳවා සිටින්නේ , හදිසි නීති රෙගුලාසි යටතේ නොවන බවත් එකී සියලු සැකකරුවන් රඳවා තබා ඇත්තේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතට අනුව බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.