ශ්‍රී ලංකා පළමු ඉණිම අවසන්

ශ්‍රී ලංකා පළමු ඉණිම අවසන්

by Staff writer 24-08-2019 | 12:39 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද තුන්වැනි දිනටත් පැවැත්වේ. සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 90යි පන්දු 2ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 244කි. දිරුවන් පෙරේරා දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු නොලබා දැවී ගියේ ය. සුරංග ලක්මාල්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 10ක් පමණි. ලසිත් ඇඹුල්දෙණියට ද ලකුණු රැස් කිරීමට හැකි විය. හුදකලා සටනක නිරත වන ධනංජය ද සිල්වා අද වාර්තා කළේ, පස්වැනි ටෙස්ට් ශතකයයි. ඔහු ලකුණු 109ක් රැස් කළේ ය. ටිම් සවුති ලකුණු 63ට කඩුලු 4යි. ට්‍රෙන්ට් බොව්ල්ට් ලකුණු 75ට කඩුලු 3ක් දවා ගත්තේ ය.