රාජ්‍ය ආයතන 4ක් රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට

රාජ්‍ය ආයතන 4ක් රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට

by Staff writer 24-08-2019 | 7:12 AM
COLOMBO (News 1st) : ඉදිරි සතිය තුළදී තවත් මෙරට රාජ්‍ය ආයතන 4 ක් රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට කැඳවා තිබේ. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තම්න්තුව ද ඒ අතර වන බවයි. පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය හරහා මහජනතාවටත් රාජ්‍ය ගිණුම් කාරක සභාවට අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි බව ද සභාපතිවරයා පැවසී ය.