ජනපති අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

මහජන සාමය පවත්වා ගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීමට ජනපතිගෙන් නියෝග

by Staff writer 24-08-2019 | 10:33 AM
COLOMBO (News 1st) :  මහජන ආරක්ෂාව සඳහා සියලු පරිපාලන දිස්ත්‍රික්ක වෙනුවෙන් සන්නද්ධ හමුදාව යෙදවීම සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ. මහජන ආරක්ෂක අඥා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නිකුත් කළ ගැසට් නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල ආරක්ෂාව සඳහා කැඳවිමට නියෝග කෙරෙන බවයි. මේ අතර රට තුළ ප්‍රකාශයට පත්කළ හදිසි නීතිය ඉවත් කළ බව ආරක්ෂක අමාත්‍යංශය ඊයේ පැවසී ය. ආරක්ෂක ලේකම්, ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සඳහන් කළේ රට තුළ ආරක්ෂාව තහවුරු වීම හේතුවෙන් හදිසි නීතිය ඉවත් කළ බවයි.