ප්‍රදේශ රැසකට අද ත් තද වැසි

ප්‍රදේශ රැසකට අද ත් තද වැසි

by Staff writer 24-08-2019 | 7:00 AM
COLOMBO (News 1st) : ප්‍රදේශ රැසකට අද දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ, සබරගමුව පළාතේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවයි. බස්නාහිර සහ දකුණු පළාත්වලටත් මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 70 ක පමණ තරමක තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ බව ද ඔහු සඳහන් කළේ ය. දිවයින වටා මුහුද ආශ්‍රිත සුළගේ වේගය ඉහළ යා හැක බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර කුඩා හා එක් දින යාත්‍රා අද පස්වරු 1.30 වන තෙක් මුහුදු යාමෙන් වළකින්නැයි, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පැවසුවේ, දිවයින ආශ්‍රිත මුහුදේ සුළඟේ වේගය ඉහළ යාම හේතුවෙන් කුඩා යාත්‍රා සහ එක් දින යාත්‍රාවලට මුහුදු යාම සුදුසු නොවන බවයි.