මහ මුහුදේ අනතුරට පත් ධීවරයින් 3ක් බේරා ගැනෙයි

නාවික හමුදාව මහ මුහුදේ අනතුරට පත් ධීවරයින් බේරා ගනී

by Staff writer 24-08-2019 | 5:12 PM
COLOMBO (News 1st) : ත්‍රිකුණාමලය, සල්ලිකෝවිල් මුහුදේදී ආපදාවට ලක් වූ ඩිංගි යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගනු ලැබ තිබේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, ත්‍රිකුණාමලය ප්‍රදේශයේම පදිංචි ධීවරයින් තිදෙනෙකි. නාවික හමුදාව සැක පළ කරන්නේ, මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් ඔවුන් රැගත් ඩිංගි යාත්‍රාව ආපදාවට පත්වන්නට ඇති බවටයි.