උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 24-08-2019 | 10:17 AM
COLOMBO (News 1st) : ගම්පොල සහ වලපනේ අතරදී දුම්රියක් පිලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන තිබේ. අද පෙරවරු 8.30 ට පමණ දුම්රියක් එලෙස පිනි පැනීමකට ලක්වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය. දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් මේ වන විට ආරම්භ කර ඇති අතර , කඩිනමින් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ ය.