ඉන්දීය හිටපු අමාත්‍ය අරුන් ජෙට්ලි දිවියෙන් සමුගනී

ඉන්දීය හිටපු මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 24-08-2019 | 5:06 PM
COLOMBO (News 1st) : ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු සහ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ අරුන් ජෙට්ලි මහතා අද දහවල් අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැවැති හෘද රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු දින කිහිපයක් නවදිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බවයි. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 66 වන වියේහි පසුවිය.