ඇමර්සන් ගිනි නිවන්න, ත්‍රිවිධ හමුදාව යොදවයි

ඇමර්සන් ගිනි නිවන්න, ත්‍රිවිධ හමුදාව යොදවයි

by Staff writer 24-08-2019 | 7:41 AM
COLOMBO (News 1st) : ඇමර්සන් වැසි වනාන්තරයේ මේ වන විකට ඇති වි ති‍බෙන ගිනි ගැනිම් පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවිමට බ්‍රසීල රජය තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්න මැඩ පැවැත්විමේ අරමුණින් රක්‍ෂිත, ආදිවාසී ඉඩම් සහ දේශසීමා ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාව යොදවැන්නැයි බ්‍රසිල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ නියෝග කර ඇති බවයි. යුරෝපීය නායකයින්ගේ දැඩි බලපෑම්වලින් පසුව බ්‍රසිල රජය මෙම පියවර ගෙන ඇති බව සඳහන් ය. ප්‍රංශය සහ අයර්ලන්තය සඳහන් කළේ, මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා බ්‍රසිලය පියවර නොගන්නේ නම් ඔවුන් සමග පවතින සබඳතා සීමා කිරීමට පියවර ගන්නා බවයි. ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනාන්තරයේ පැතිරෙන ගින්න පාලනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් තම රටට නොමැති බව බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ මීට පෙර සඳහන් කළේ ය. චන්ද්‍රිකා දත්ත අනුව 2013 වසරට සාපේක්ෂව මේ වසර තුළදී ඇමර්සන් වනාන්තරයේ ගිනිගැනීම් සිදුවීම් 84%කින් ඉහළ ගොස් තිබේ. ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන ඇමර්සන් වනාන්තරය දේශගුණික විපර්යාස පාලනය කිරීම සඳහා සුවිශේෂි ස්ථානයක් ලෙස සැලකෙයි.