by Staff writer 23-08-2019 | 9:15 PM
COLOMBO (News 1st) - රට තුළ ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය ඉවත් කළ බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සඳහන් කළේ, රට තුළ ආරක්ෂාව තහවුරු වීම හේතුවෙන් හදිසි නීතිය ඉවත් කළ බව ය.
අප්‍රේල් 21 ප්‍රහාර මාලාවත් සමග රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කෙරිණි.
කෙසේ වෙතත් මේ වන විට රට තුළ පවතින සාමාන්‍ය වාතාවරණය සැලකිල්ලට ගනිමින් හදිසි නීතිය ඉවත් කළ බව ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ ය.