ඉල්ලා අස් වූ ඇමතිවරු දෙදෙනෙක් යළි දිවුරුම් දෙති

මුස්ලිම් කොංග්‍රසයේ ඉල්ලා අස් වූ ඇමතිවරු දෙදෙනෙක් යළි දිවුරුම් දෙති

by Staff writer 23-08-2019 | 1:58 PM
COLOMBO (News 1st) : සිය රාජ්‍ය අමාත්‍ය ධුරවලින් පසුගිය දා ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අමාත්‍යවරු දෙදෙනෙකු අද යළිත් රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ. එලෙස දිවුරුම් දුන්නේ මොහොමඩ් කාසීම් මොහොමඩ් ෆයිසාල් සහ අලි සහීර් මවුලානා යන මන්ත්‍රීවරුන් ය. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මන්ත්‍රීවරු ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස යළි දිවුරුම් දුන්හ. ඒ අනුව මොහොමඩ් කාසීම් මොහොමඩ් ෆයිසාල් මහතා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අලි සහීර් මවුලානා සෙයිඩ් මහතා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරනු ඇති.