ප්‍රතිපත්ති අනුපාත යළි පහළ බසී

ප්‍රතිපත්ති පොලී අනුපාත යළි පහළ බසී

by Staff writer 23-08-2019 | 11:05 AM
COLOMBO (News st) : ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත යළි පහළ දමා තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය එම තීරණයට එළඹි බවයි. ඒ අනුව 9% ක්ව පැවති මහ බැංකුව, බැංකුවලට ණය දෙන පොලී අනුපාතිකය හෙවත් නිත්‍ය ණය අනුපාතය 8% දක්වාත්, නිත්‍ය තැන්පතු අනුපාතය 8% සිට 7% දක්වා ත් පහත හෙළා තිබේ. මේ අතර බැංකු මහ බැංකුවේ අනිවාර්යෙන් පවත්වාගෙන යා යුතු සංචිත අනුපාතයේ වෙනසක් කර නොමැත.