දිගම්පතහ රිය අනතුරකින් 27කට තුවාල

දිගම්පතහ රිය අනතුරකින් 27කට තුවාල

by Staff writer 23-08-2019 | 11:56 AM
COLOMBO (News 1st) : සීගිරිය ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, දඹුල්ල - හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී වෑන් රථයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනුතුර සිදුවිය. අද උදෑසන 6.00 ට පමණ සිදුවූ රිය අනතුරෙන් තුවාල ලැබූවන් දඹුල්ල සහ හබරණ රෝහල්වලට ඇතුළත් කර තිබේ.