ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපති දිවයිනට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපති දිවයිනට

by Staff writer 23-08-2019 | 2:17 PM
COLOMBO (News 1st) : අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශශාන්ක් මනෝහර් මහතා ඇතුළු පිරිස ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියහ. මෙලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණියේ, දින 4 ක නිල සංචාරයක් සඳහායි. දිවයිනට පැමිණි ශාශාන්ක් මනෝහර් මහතා ඇතුළු පිරිස සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් ද අද උදෑසන සිදුවිය. මෙම සංචාරයේදී මනෝහර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු විධායක කමිටු සාමාජිකයන් ද හමුවීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනාවක් අනුව දිවයිනට පැමිණි මනෝහර් මහතා අද කොළඹ පී. සාරා ඕවල් පිටියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ද එක්වීම විශේෂත්වයකි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශාශාන්ක් මනෝහර් මහතා සමග උප සභාපති ඉම්රාන් කාවාජා මහතා ද ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියේ ය. මෙම සංචාරයේදී මොවුන් හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය අසල පිහිටි භුමියක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් පිහිටවීම සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට ද එක්වීමට නියමිතයි.