කංජිපානි ඉම්රාන්ට වසර 6ක සිරදඬුවමක්

කංජිපානි ඉම්රාන්ට වසර 6ක සිරදඬුවමක්

by Staff writer 23-08-2019 | 11:40 AM
COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට කොළඹ මහාධිකරණය අද බරපතළ වැඩ සහිත වසර 6 ක සිර දඬුවම් ලබා දුන්නේ ය. ඒ , 2013 සැප්තැම්බර් 18 මාලිගාවත්තේදී ගංජා කිලෝග්‍රෑම් 05 යි ග්‍රැම් 300 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ සිද්ධියකට වරදකරු කරමිනි. කංජිපානි ඉම්රාන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ අතර ,විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ අද නඩුව කැඳවනු ලැබී ය. එහිදී කංජිපානි ඉම්රාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතා කියා සිටියේ , තම සේවා දායකය මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවයි. ඒ අනුව එක් චෝදනාවකට වසර 03 බැගින් වසර 06 ක බරපතළ වැඩසහිත සිර දඬුවම් ලබා දීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ ය.