එජාප නි. නායකයා පිළිගැනීමේ දෙවැනි රැළිය අද මාතරදී

එජාප නි. නායකයා පිළිගැනීමේ දෙවැනි රැළිය අද මාතරදී

by Staff writer 23-08-2019 | 6:37 AM
COLOMBO (News 1st) : පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීම සඳහා වන එක්සත් ජාතික පක්ෂයේ ජන රැළියක් අද මාතරදී පැවැත්වේ. එම ජන රැළිය සංවිධාන කරනු ලබන්නේ, මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි. අමාත්‍යවරයා සඳහන් කළේ, පස්වරු 3.00 ට සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී රැළිය ආරම්භ වන බවයි. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේ තම පක්ෂයේ අපෙක්ෂකයා වනු ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1374329249389671/