ඇල්ල - වැල්ලවාය මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක්

ඇල්ල - වැල්ලවාය මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක්

by Staff writer 23-08-2019 | 11:14 AM
COLOMBO (News 1st) : ඇල්ල රොක් රක්ෂිතයේ හටගත් ගින්න හේතුවෙන් , බුරුල්වී ගිය ගල් ඇල්ල - වැල්ලවාය මාර්ගයට පෙරළීමේ අවදානමක් මතුව තිබේ. බදුල්ල දිස්ත්‍රික්, ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා සඳහන් කළේ, මේ පිළිබඳව එම මාර්ගයේ ගමන් කරන , රියැදුරන් අවධානය යොමු කළ යුතු බවයි. ඇල්ල රොක් ප්‍රදේශයේ බෑවුම් සහිත කොටසක ඊයේ පස්වරුවේ හටගත් ගින්න නිවා දැමීම සඳහා යුද හමුදාවේ ද සහය ඇතිව කටයුතු කරමින් සිටින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.