විදුලි බල මණ්ඩල සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව හමුවට

විදුලි බල මණ්ඩල සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව හමුවට

විදුලි බල මණ්ඩල සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව හමුවට

කර්තෘ Staff writer

23 Aug, 2019 | 7:32 am

COLOMBO (News 1st) : ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අද කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ , මණ්ඩලයේ මෑත කාලීනව සිදුවූ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් මෙහිදි ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි.

විශේෂයෙන් විදුලිය මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද මෙහිදී විදුලි බල මණ්ඩල නිලධාරීන්ගෙන් කරුණු විමසීමට නියමිත වේ.

මේ සඳහා වගකීම් දරන විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාටද අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන් බව සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]