ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපති දිවයිනට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපති දිවයිනට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපති දිවයිනට

කර්තෘ Staff writer

23 Aug, 2019 | 2:17 pm

COLOMBO (News 1st) : අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශශාන්ක් මනෝහර් මහතා ඇතුළු පිරිස ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියහ.

මෙලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණියේ, දින 4 ක නිල සංචාරයක් සඳහායි.

දිවයිනට පැමිණි ශාශාන්ක් මනෝහර් මහතා ඇතුළු පිරිස සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් ද අද උදෑසන සිදුවිය.

මෙම සංචාරයේදී මනෝහර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු විධායක කමිටු සාමාජිකයන් ද හමුවීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනාවක් අනුව දිවයිනට පැමිණි මනෝහර් මහතා අද කොළඹ පී. සාරා ඕවල් පිටියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ද එක්වීම විශේෂත්වයකි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශාශාන්ක් මනෝහර් මහතා සමග උප සභාපති ඉම්රාන් කාවාජා මහතා ද ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියේ ය.

මෙම සංචාරයේදී මොවුන් හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය අසල පිහිටි භුමියක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් පිහිටවීම සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට ද එක්වීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]