අද ත් ප්‍රදේශ රැසකට තද වැසි

අද ත් ප්‍රදේශ රැසකට තද වැසි

අද ත් ප්‍රදේශ රැසකට තද වැසි

කර්තෘ Staff writer

23 Aug, 2019 | 7:39 am

COLOMBO (News 1st) : දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද, වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ නිරත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීම තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි.

මේ අතර ගාල්ල සමුද්‍රමාවතේ මුහුදු රළ ගොඩබිම දක්වා පැමිණිම හේතුවේන් අද පෙරවරුවේ රථවාහන ගමනා ගමනට බාධා එල්ල විය.

මීට අමතරව ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ හබරාදුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් මුහුදු රළ ගොඩබිම දක්වා පැමිනීම හේතුවෙන් රථවාහන ගමනා ගමනට බාධා මතුවිය.

මේ අතර මාරවිල තොඩුවාව ප්රදේශයේ ගොඩබිම මීටරයකට ආසන්න ප්‍රමාණයක් අද උග්‍ර මුහුදු ඛාදනයකට ලක්ව තිබේ.

ඒ පෙරවරුවේ ඇතිවූ සුළං තත්ත්වයත් සමගයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]