CID විමර්ශන 6ක් පිළිබඳ තොරතුරු නීතිපතිට

CID විමර්ශන 6ක් පිළිබඳ තොරතුරු නීතිපතිට

by Staff writer 22-08-2019 | 9:43 PM
COLOMBO (News 1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශන 6 ක් පිළිබඳ තොරතුරු නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවසී ය. ඒ අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, සහන සේවකයින් 17 දෙනෙක් ඝාතනය කිරීම, කීත් නොයා පැහැරගෙන යාමේ සිද්ධිය තරුණයින් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම මාධ්‍යවේදී එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම යන සිද්ධීන්ට අදාළ පොලිස්පතිතුමාගේ වාර්තාව ද නීතිපතිතුමා වෙත භාරදීමට කටයුතු කර තිබේ. අදාළ විමර්ශනවල වත්මන් තත්ත්වය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මෙලෙස කරුණු පැහැදිලි කළේ ය.
''දැන් ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්භන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති විමර්ශන උදෘත ගොනුව ගරු නීතිපතිතුමා වෙත යොමු කර තිබෙනවා. නීතිපති උපදෙස් අනුව වැඩිදුර විමර්ශන සිදුවෙනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්භන්දයෙන් මේ වෙද්දි නීතිපතිතුමා වෙත මෙතෙක් විමර්ශන උදෘත ගොනුව යොමු කරලා නෑ, මුතූර්හීදි සහන සේවකයින් 17 ඝාතනය කිරීමේ සිද්ධිය මේ සිද්ධියට අදාල විමර්ශන උදෘතගොනුව නීතිපති දෙපාර්තමෙන්තුව වෙත දැනටමත් යොමු කරලයි තියෙන්නේ. වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මෙහි උදෘත නීතිපති දෙපාර්තමෙන්තුවට භාරදීලා තියෙනවා මේ වන විට එහි වැඩිදුර විමර්ශන සිදුවෙනවා. තරුණයින් 11 ක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියත් විමර්ශන උදෘත නීතිපති දෙපාර්තමේන්තුවට භාරදීලා ලැබිලා තියෙන වැඩිදුර උපදෙස් අනුව මේ විමර්ශන සිදුවෙනවා''