සහරාන් සමග අවි පුහුණුව ලැබු තවත් අයෙක් අත්අඩංගුවට

සහරාන් සමග අවි පුහුණුව ලැබු තවත් අයෙක් අම්පාරේදී අත්අඩංගුවට

by Staff writer 22-08-2019 | 6:06 PM
COLOMBO (News 1st) : මොහොමඩ් සහරාන් සමග අවි පුහුණුව ලැබු තවත් සැකකරුවෙකු අද අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඔහු ගම්පොළ , වෙළම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. ඔහු ජේ. එම්. අයි. තහනම් සංවිධානයේ සාමාජිකයෙකු බව ගුණසේකර මහතා සඳහන් කළේ ය.