ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් සටන අදයි

ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් සටන අදයි

by Staff writer 22-08-2019 | 7:16 AM

News 1st - ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා - නවසීලන්ත කණ්ඩායම් සහභාගී වන දෙවැනි තරගය මෙය වේ. ටෙස්ට් ලෝක ශූරතාවලියේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව මේ වන විට ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාවයි. ඒ, නවසීලන්තයට එරෙහි පළමු තරගයෙන් ඔවුන් ජය ගැනීම හේතුවෙනි. ශ්‍රී ලංකා කණ්ඩායම පී. සරා ඕවල් ක්‍රීඩංගණයේදී ටෙස්ට් තරග 9 ක් ජයගෙන ඇති අතර තරග 7 කින් පරාජය වී තිබේ. නවසීලන්ත නායක කේන් විලියම්සන් ලංකාවට එරෙහිව ටෙස්ට් ලකුණු 972 ක් රැස් කරගෙන සිටින අතර දෙරට අතර ටෙස්ට් තරගවලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඔහුට අවශ්‍යව ඇත්තේ තව ත් ලකුණු 56 ක් පමණි. දෙරට අතර වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් ව සිටින්නේ ලකුණු 1166ක් රැස් කළ මහේල ජයවර්ධනයි. ආබාධයකට ලක්ව සිටි ඩිල්රුවන් පෙරේරා මේ වන විට යථා තත්ත්වයට පත්ව සිටි. මේ අතර නවසීලන්ත කණ්ඩායාමෙන් ලැබෙන වාර්තා පවසන්නේ නීල් වැග්නර් වෙනුවට විලියම් සමර්විල් අද දිනයේදී කැඳවීමට ඉඩ ඇති බවයි.