වෛද්‍යවරු දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

වෛද්‍යවරු දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

by Staff writer 22-08-2019 | 6:11 AM

COLOMBO (News 1st) - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වේ.

ඒ, වෛද්‍ය නිලධාරී ස්ථාන මාරුවීම් නිසි පරිදි ලබානොදීම ඇතුළු ඉල්ලීම් 8 ක් මුල් කරගනිමිනි. හෙට පෙරවරු 8.00 දක්වා වැඩ වර්ජනය ක්‍රියාත්මක වුව ද හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය. මාතෘ සහ ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂිත වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිධ හමුදා රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැත.