ජේලර් ඝාතනයේ තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට

වැලිකඩ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් ඝාතනයේ තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 22-08-2019 | 8:54 AM

COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තව ත් පුද්ගලයෙකු හික්කඩුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඝාතනය සිදු කළ පුද්ගලයින්ට යතුරුපැදිය ලබාදුන් පුද්ගලයා එලෙස අත්අඩංගුවට ගත් බවයි. පන්නිල පදිංචි 25 හැවිරිදි සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ. අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කළේ පසුගිය 3 වැනි දායි.