රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංඛේත වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංඛේත වර්ජනයක

by Sagarika Chathumali 22-08-2019 | 7:54 PM
COLOMBO (News 1st) : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද එක්දින සංඛේත වර්ජනයක් ආරම්භ කළේ ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8.00 ට මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කළේ , වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම, යෝජිත ප්‍රමිති සහතිකය හා ප්‍රතීතන කොමිෂන් සභා පනත හරහා වෛද්‍ය සභාව අකර්මන්‍ය කිරීම ඇතුළු කරුණු 8 ක් මුල් කර ගනිමිනි. හෙට පෙරවරු 8 දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වේ. මාතෘ සහ ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂිත වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකක ත්‍රිවිධ හමුදා රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවේ. රජයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ක්‍රියාත්මක වේ.